Friday, February 16, 2018

micro:bit ශූරතාවලිය - අවසාන ප්‍රතිඵල

මයික්‍රෝබිට් මිතුරනි,
ශ්‍රී ලංකා ජාතික ගීය, මයික්‍රෝ මරියෝ, ෆ්ලැපි කුරුල්ලා, පොර පොල්, මයික්‍රෝ නැටුම වැනි අගනා micro:bit නිර්මාණ 400 කට වඩා ඉදිරිපත්වූ පළමු micro:bit ශූරතාවලිය අනාගත බලාපොරොත්තු රැසක් සමග සාර්ථකව සිදුඋනා. අප ලද වඩාත් අගනා ප්‍රතිඵලය IoT හා robotics සඳහා පරිගණක විද්‍යාව, කේතනය හා ඇලොගරිතම ඉගනීමට දැනුම සම්භාරයක් ප්‍රජාව මුල්කරගන http://microbit.info.lk හි නිර්මාණය වීමයි. දැන් ICT සිසුනට හා ගුරුවරුන්ට ඒවා භාවිතා කර micro:bit කේතනය ඉගනීමට හැකි වේවි. ලොව පුරා සිසුන්, ගුරුවරුන් හා තාක්‍ෂණඥයින්ගේ micro:bit ප්‍රජාවක්ද microbit club වටා ගොඩනැගීමද, ඔවුනොවුන් හඳුනා ගැනීමටද අපට සැමට අවස්ථාව ලැබුණා. අප දැන් 1300 කට වඩා සමූහයක්. ශූරතාවය තුලින්
අප සැම ගොඩක් දේ ඉගෙන ගත්තා. එයට ඔබ සැමට ස්තූතියි.

micro:bit ශූරතාවලියේ ප්‍රතිඵල!
14 න් පහළ micro:bit ශූරයා චමිත් ඉඳුවර (නිර්මාණ 21, මනාප 457)
19 න් පහළ micro:bit ශූරයා හිමාෂ් තිලකරත්න (නිර්මාණ 21 මනාප 250)
විශ්ව විද්‍යාල micro:bit ශූරයා කසුන් දිසානායක (නිර්මාණ 23 මනාප 612)
ගුරුවරුන්ගේ micro:bit ශූරයා උමාර රත්නායක (නිර්මාණ 5 මනාප 65)
විවෘත micro:bit ශූරයා ඉවාන් බොස්නික් (නිර්මාණ 27 මනාප 117)
විශේෂ සඳහන් කිරීම්!
14 න් පහළ - සිතුම් දුලේන් ප්‍රනාන්දු, හබීබා ඈන්ස්, අසීම් ෆයිසාල්, ඉනුකි වික්‍රමතිලක
19 න් පහල - හන්සල සෙනවිරත්න, නදූෂන් , ටී මුරලි
විශ්ව විද්‍යාල - ක්‍රිස්ටීන් ප්‍රනාන්දු
ගුරුවරු - ජිනානි වලිසුන්දර
විවෘත - ඇලෙක්ස් ෆ්ලෝරිජාන්, සිමුන් බිලාස්, නිකෝලා පෙට්රොවික්, එන් වීරකුමාර , විශ්ව කුමාර
micro:bit ශූරතාවලියේ ජයග්‍රාහකයන්ටත්, සහභාගී වූ සැමටත්, එය නැරඹා නිර්මාණ අගය කල ඔබ සැමටත් microbit club, shilpa64 හා algohack ප්‍රණාමය.
ඊළඟට micro:bit ලෝක ශූරතාවලය ගණිතය ගැන.
විස්තර ලගඳීම. නැවතත් ස්තූතියි. මෙය Share කරන්න.
micro:bit තාක්‍ෂණ අධ්‍යාපනයට වැදගත්ම උපකරණයක්.
විස්තර සඳහා බලන්න. http://microbit.info.lk
සංවිධානය හා තාක්‍ෂණය
Poornima Heashadharani (microbit club)
Sagara Ekanayake (Silicon Hills)
Niranjan Meegammana (Shilpa Sayura Foundation)
NP Vishva Kumara (info.lk)
Yamuna Rathnayake (RRCK)
තවත් විස්තර!
ශූරතාවලිය :https://goo.gl/VRARSD
තරඟ ප්‍රශ්ණ : https://goo.gl/upKGUf
තරඟ නිර්මාණ http://microbit.info.lk
මයික්‍රෝබිට් පාඩම් : https://goo.gl/31qKry
සංවිධානය : http://shilpasayura.org සහ ප්‍රජාව
අනුග්‍රහය හා මයික්‍රෝබිට් ලබාදීම http://microbitclub.info.lk

No comments:

Post a Comment