Friday, September 30, 2011

A/L GIT Pascal Programming & Excel Functions

උසස් පෙළ GIT සහතිකය සඳහා පවත්වන විභාගයේදී සිසුන් Pascal Programming පිළිබඳව අවබෝධයක් තිබීම අවශ්‍ය වේ. අද එතරම් ජනප්‍රිය නොවුනද ක්‍රමලේඛනය ඉගැන්වීමට 1970 දශකයේ සිට 1997 කාලය දක්වා විශ්ව විද්‍යාල වලද භාවිතා විණි.

Pascal සරළ පරිගණක ක්‍රම ලේඛණ භාෂාවක් නිසා ඉගනීමට ඉතා පහසුය. මේ සමග ඇති Pascal Tutorial දෙක සහා Excel Functions Lecture Notes ඔබට GIT විභාගයට මුහුණ දීමට අවශ්‍ය දැනුමටත් වඩා උසස් දැනුමක් ඉතා වේගයෙන් ඔබට ලබාදෙන ලෙස සකස් කර ඇත. එය සකසා ඇති අන්දමට පැස්කල් මෘදුකාංගය භාවිතා නොකර පැස්කල් ඉගනීමට හැකිය.


Niranjan Meegammana
ICT Educator

Wednesday, September 28, 2011

A/L GIT විභාගය කිරීමට හේතු, එහි වැදගත්කම හා සමත්වන මග

A/L GIT උසස් පෙළ පළමු වසර අවසානයේදී පැවැත්වෙන අතර ඊට එක වරක් පමණක් සහභාගී වීමට ඔබට අවස්ථාව ලැබෙනවා. සාමාන්‍ය පෙළ ICT Application (OFFICE), සරළ Logic Gates, Number Systems, Flow Charts, Computer Evolution පහසුවෙන් ඉගන ගන GIT ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවිය හැකියි. විශේෂයෙන්ම O/L ICT සමත් වූ කෙනෙකුට GIT ප්‍රශ්න පත්‍ර වලට තනිවම හෝ කණ්ඩායම් වශයෙන් පිළිතුරැ දී විභාගයට පෙනී සිට සමත් වන්නට පුළුවන්. එසේ නොවන අයකුට සාමාන්‍ය පරිගණක දැනුමක් ඇතිනම් මූලික පරිගණක සහා Application පැය 16-24 අතර ගුරුවරයකුගේ සහයෙන් ඉගන ගැනීමෙන් A/L GIT කර සමත් වන්නට පුළුවන්.
පාසැල් කාලයේදී එක්වරක් පමණක් මුහුණ දිය හැකි A/L GIT  විභාගයට ප්‍රථම වසරේදී පෙනී සිටීමෙන් ඊ ලඟ වසරේ උසස් පෙළ විභාගයට පෙරහරුවක් ඔබට ලබාගත හැකි අතර, GIT සහතිකය මග හැරීමෙන් ඔබ උසස් පෙළ කාලයේදී ICT ප්‍රගණ නොකල අයකු ලෙස පෙනී යන්නට පුළුවන්. විදේශීය ශිශ්‍යත්ව, උසස් විශ්ව විද්‍යාල, පුද්ගලික හා රාජ්‍ය රැකියා තරඟයේදී රජයෙන් නොමිලේ ලබාගත හැකි සහතිකයක් අහිමි කර ගැනීම කිසිසේත් සුදුසු නොවේ. අමතර සහතිකයකට ලැබෙන එක ලකුණක වටිනාකම තීරණාත්මක වුවහොත්, පසුතැවිලි වන්නට ඉඩ නොතබන්න. විභාග දෙපාර්ථමේන්තුවේ සහතිකයක් ජීවිත කාලයටම වටිනාය.
උසස් පෙළ සිසුවකු GIT සඳහා ඉගනගන විභාගය නොකර සිටීමේ දත්ත සලකා පාසලේ ICT අධ්‍යාපන තත්වය බාල වීමක් ලෙස පෙනී යා හැකි අතර ICT ඉගැන්වූ ගුරුවරුන්ගේ ප්‍රගතියද අඩු බව පෙනී යා හැක. දැන් පටන්ගත්තත් තරමක් මහන්සි විය හැකිනම් GIT සමත්වීම අපහසු නොවේ. 

ඔබට A/L GIT සමත්වීම සඳහා සහයක් වශයෙන් අප ලබාදෙන GIT විභාග පුහුණු සම්පත් අතර ඔබට ඉතා ප්‍රයෝජනවත් විය හැකි විභාග දෙපාර්තමේන්තුවේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටලයකි. පිළිතුරැ දීමට ICT ඉඟි සපයා ඇති නිසා, තනිවම හෝ කණ්ඩායම් ලෙස හෝ ගුරුවරයකුගේ සහයෙන්ද ඉගනීම කළ හැක.

ඔබට GIT ජය!
නිරංජන් මීගම්මන
ICT Educator
Adobe Educator
http://www.shilpasayura.org/

 Lanka A/L GIT 2011 MODEL Paper I - PART A

Wednesday, September 21, 2011

A/L ICT ඉගනීමට මග

උසස් ලෙස ICT ඉගන ගැනීමේදී  සිසුන් විසින් Problem Solving නිපුණතා ප්‍රගුණ කළ යුතුය. එය මනස කලඹන ගණිත ගැටළු හා ප්‍රහේලිකා  විසඳීමෙන් ආරම්භ කරන්න.
ගැටළු විසඳීමේදී දත්ත හා තොරතුරු භාවිතා කිරීමද, ගැටළුවට අදාල නොවන තොරතුරු ඉවත් කිරීමද, ඉතිරි වන තොරතුරු හා සිද්ධීන් අතර සම්බන්ධතා (Relationships) විශ්ලේශණය කරමින් තර්කාණුකූල තීරණ වලට එළඹීමේ නිපුණතාවය ලබාගත යුතුය. මේ සඳහා විවිධ ගැටළු විසදීමට ක්‍රමලේඛනය කල යුතුය.
21 වන ශත වර්ෂය විද්‍යාව හා තාක්‍ෂණය පදනම් කරගන ගොඩනැගෙන සමාජයක් වන අතර තර්කාණුකූල හා සිතුවිලි ක්‍රියාවලියක් දියත් කිරීමෙන් ගැටළු විසඳීමේ නිපුණාතාවය ලබාගත යුතුය. ඒ සඳහා ICT සිසුන් කණ්ඩායම් ව්‍යාපෘති වල යෙදිය යුතු අතර, උසස් පෙළ කේවල හා කණ්ඩායම් ව්‍යාපෘති සඳහා ICT යොදාගැනීම ඊට හොඳ ප්‍රවේශයකි.
ක්‍රමලේඛන සංකල්ප තේරුම්ගැනීමට අපහසු සේ පෙනුණත්, ගැටළුව කුඩා කොටස් වලට කඩා විශ්ලේශණය කරමින්, ක්‍රමලේඛනයෙන් උසස් ක්‍රමලේඛන හැකියාවන් ලබාගත හැක. සිසුන් විසින් ICT දැනුම එකිනෙකා අතර බෙදාගැනීමද, කුතුහලය අවුලන තාක්‍ෂණික සංවාද වල යෙදීමද, තාක්‍ෂණයේ නව නිමයුම් ගැන දක්වන උනන්දුවද ICT ඉගනීමට ඉතා වැදගත්.
ඉංග්‍රීසි දැනුම හිඟකම ඔබට බාධාවක් ලෙස පෙනුනද. වරකට එක වාක්‍ය බැගින්ද, එක ඡේදය බැගින්ද, රූප සටහන් හා You Tube වීඩියෝ අනුසාරයෙන්ද ICT දැනුම ලබාගත හැක. එවිට ඔබට නොදැනීම ඉංග්‍රීසියෙන් ඉගනීමට හැකියාව ලැබේ. ඔබට ලැබෙන විවිධ තොරතුරු නිසිලෙස ගබඩා කරගැනීමද, වයිරස වලින් තොරතුරු ආරක්‍ෂාවද , විෂය කරුණු කෙටි සටහන් රූප සහ diagram සහිතව පවත්වාගැනීමද වැදගත් බව සලකන්න.
ICT ඉගනගන්නා ඔබ NIE.lk වෙබ් අඩවියෙන් විශය නිර්දේශයද, ගුරු අත්පොත්ද, donets.lk වෙතින් ආදර්ශ ප්‍රශ්න පත්‍රද නිතර පරිශීලනය කළ යුතුය. සා.පෙ. ICT කළ අයට උසස් පෙළ ICT පහසු වේ. එමනිසා සා.පෙ. පොත්ද ඇසුරු කිරීම වැදගත්.
උසස් පෙළ විශයන් අතර ICT වඩා ප්‍රායෝගික විශයකි. ඔබ උගන්නා දේ ඔබට ප්‍රයෝජනයට ගත හැකිය. අන් අයට සේවාවක් ලෙස ලබාදිය හැක.
ඔබ කියවන දේට වඩා, දකින දේ මනසේ රැඳේ. ඔබ දකින දේට වඩා කළ පුරුද්දක් ඇතිදේ අවබෝධ වේ. වඩා වැදගත් ICT සංකල්ප අවබෝධයයි. සංකල්ප අවබෝධ කරගත් කල්හි ඕනෑම අවස්ථාවක අන්තර්ජාලයෙන් තොරතුරු සොයා අදාල විෂය කරුණු නැවත මතක් කරගත හැකි වන අතර, එය ප්‍රයෝජනයට ගන්නා සෑම විටකම අවබෝධය වැඩිවේ.

එය A/L ICT ජය ගැනීමට මගය.
නිරංජන් මීගම්මන
ශිල්ප සයුර
http://www.shilpasayura.org/

Tuesday, September 20, 2011

21 ශතවර්ෂය සඳහා ICT ඉගනීම - 2

Read Part I
ICT ඉගනීම විනෝදමත්ය. සාම්ප්‍රදායික ලෙස පාඩම් මතකයේ රඳවා ගැනිමට වඩා ප්‍රායෝගුක අත්හදා බැලීමෙන්, විශ්ලේෂණයෙන්, තර්කණයෙන් අවබෝධ කරගැනීමද හා නව නිර්මාණයන්ද ඉගනීම පහසුකරයි.

උසස් පෙළ ICT විශය නිර්දේශය කියවා බලන්න. ඔබ විසින් ලබාගත යුතු නිපුණතා මට්ටම් 75% පසුවෙන් අත්කර ගැනීමෙන් ඔබට A සමාර්ථයක් ලබාගත හැක. එයට ඔබ Python ක්‍රමලේඛනය, DBMS, Network සිද්ධාන්ත අනිවාර්යයෙන්ම දැනගත යුතුය. Logic Gates, Number Systems ආදිය සා.පෙ. මට්ටමට වඩා තරමක් වැඩිය. රැකියාවකට අවශ්‍යවන Office, Graphics Designing දැනුම අතරට, digital photography, video editing, animation, web designing මෙන්ම  Windows හා Linux නඩත්තුව ඔබ දක්‍ෂයකු කරයි.

ඕනෑම විශය ධාරාවක ඉගන ගත්තද ICT දැනුම ICT අනාගතයේ සාර්ථකත්වයේ පදනමයි. ඔබ තීව්ර ලෙස ICT ඉගන ගන්නේ නම් එක් වසරකදී විශය නිර්දේශය නිමා කර උපාධියකට පවා ලියාපදිංචි විය හැක. මෘදුකාංග ඉංජිනේරුවකු  වීමට නම් උසස් පෙළදී  ඔබ Python හොඳින් උගත යුතුය. Google, Android තුල භාවිතා වන Python කුඩා ළමයෙකුට හෝ භාවිතා කළ හැකිය. එය සරළය. එමෙන්ම සංකීර්ණ මුදුකාංග වලද භාවිතා කළ හැක. Data Communication, Networks , Harware ඉගෙනගන ඔබට පරිගණක හෝ සන්නිවේදන ඉංජිනේරුවකු විය හැකිය.

වේගයෙන් දියුණුවන  Mobile Telecom ක්‍ෂේත්‍රය අලුත් අවස්ථා රැසක් බිහිකර ඇත. 
උසස් පෙළ ICT තෝරාගැනීම ඔබ ජීවිතයේ ගත් ඉතාම හොඳ තීරණයක් වීමට නම් ICT ඉගනීමට කාලය යෙදවීම හා ප්‍රයෝගික ක්‍රියාකාරකම් වල යෙදීම අවශ්‍යය.

අවසාන මොහොතේ විභාගයට සමත් වීමට පාඩම් කිරීමට වඩා මුල අවස්ථාවේ සිටම ක්‍රමාණුකුලව පියවරෙන් පියවර, නැවත නැවත පරිශීලනයෙන්ද, ප්‍රායෝගික අත්හදා බැලීමෙන්ද, තොරතුරැ විමර්ශණයෙන් හා විශලේශණයෙන්ද ICT දැනුම හා නිපුණතාවන් ලබාගත යුතුය.

මුල් කාලයේදී ඔබට අවශ්‍ය දැනුම හා මාර්ගෝපදේශනය ලබාදීමට හොඳ ගුරුවරයකුට හැකි මුත් ඉහල මට්ටමේදී අන්තර්ජාලය ඔබගේ හොඳම ගුරුවරයා වේ. එමෙන්ම හොඳ තාක්‍ෂණවේදියකුගේ සහය ඔබට මහත් ප්‍රයෝජනවත් වන්නේ ICT industry දැනුම ලබාගත හැකි නිසාය.

ICT ඉගනීමේදී තම ගුරුවරයා සමග සංවාදශීලී පරිසරයක් ගොඩනගා ගැනීමෙන්, විශය නිර්දේශයට පරිභාහිර නවීන දැනුම ලබාගැනීමෙන් අනාගතයේ හොඳම තොරතුරු තාක්‍ෂණවේදියකු වීමට මගය. තොරතුරු තාක්‍ෂණයේ  සාමාජීය, ආර්ථික හා පාරිසරික යෙදුම්ද පිළිබඳව මනා අවබෝධයක් ලබාගැනීමෙන් අසීමිත ICT ක්‍ෂේත්‍රයේ විශේෂිත වූ දිශාවන්ට යොමු වීමට ඔබට හැකිවේ.

e Learning සහ ස්වයං අධ්‍යයනයට  ICT ඉගනීමේදී ප්‍රමඛ ස්ථානයක් ලබාදෙන්න. එකම සිසුන් සමූහයක අතර විවිධ ICT හැකියාවන් දියුණු කරවීමත්, සමුච්චිත නිපුණතාවයන් වැඩිකර ගැනීමට හැකිය, ඒ මන්ද යත් 21 වන ශත වර්ශයේ ICT සාමුහික ක්‍රියාවක් නිසාය.


නිරංජන් මීගම්මන
ශිල්ප සයුර
http://www.shilpasayura.org/

21 ශතවර්ෂය සඳහා ICT ඉගනීම - 1

බැබිලෝනියන්වරු හමුරාබි නීතීන් මැටිපුවරුවල කොටා තොරතුරු භාවිතා කිරීමේ සිට ශතවර්ශ ගණනාවකට පසුව අප තොරතුරු තාක්‍ෂණයෙන් පණ ගැන්වෙන දැනුම් සමාජයකට අවතීර්ණව සිටිමු. චාල්ස් බබාජ්, ඇඩා ලවුලේස්, වොන් නියුමන්, ස්ටීව් ජේකබ්ස්, බිල් ගේට්ස් නිමැවූ දෘඩාංග සහ මුදුකාංගද, වින්ටන් සර්ෆ්ගේ IP ප්‍රොටෝකෝලය හරහා ගොඩනැගුණු අන්තර්ජාලය මත ලැරී සැන්ගර් නිර්මාණය කළ විකිපීඩියාවද, මාක් සකර්බක්ලාගේ facebook ඇතුලුව විවිධ තාක්‍ෂණ හා ක්‍රමවේද මත ක්‍ෂේත්‍ර ගණනාවකම විහිදුන ලොව විශාලම වෘත්තීමය ක්‍ෂේත්‍රය ICT වී ඇත. වෘත්තීමය ලෙස ICT ඉගෙනීම ඔබට වැදගත් වන්නේ ඒ නිසාය.

ICT පරිශීලක මට්ටමේ සිට වෘත්තිකයකු මට්ටමට හෝ නව නිමැවුම් කරන්නෙකු වීමට ඔබට අවස්ථාව ඇත. ICT හුදකලා විශයක් නොවේ. එය අනිකුත් සියල විශය හා සමාජීය ගැටළු විසදීමට සම්බන්ධය. ඊට ඔබගේ සහජ හැකියාවන් මුසුකරගත්විට ඕනෑම ක්‍ෂේත්‍රයක රැකියාවලට අවශ්‍ය 21වන ශතවර්ෂයේ දක්‍ෂතා වන නිර්මාණශීලීත්වය, සන්නිවේදන හා සාමුහික වැඩකිරීම ලබාදේ. (Creativity, Communication & Collaborative Skills).

උදාහරණයක් ලෙස නිර්මාණශි කලා කුසලතා ඇති ඔබට ඔබට Graphics, Media,Cinema, Music, Animation, Web Design, Advertising ක්‍ෂේත්‍රවලද, ගණිතය හා විද්‍යා දක්‍ෂතා මුල්කොටගෙන Software Engineering, Telecommunication, Nano Science ක්‍ෂේත්‍රයේද, වාණිජ දැනුමෙන් ICT Marketing, Finanace, Business ක්‍ෂේත්‍රවල තුලද සාර්ථක විය හැක.

කුමන ධාරාවක උවද උසස් අධ්‍යාපනයේදී ICT දැනුම තීරණාත් මක සාධකයකි. ICT දියුණුවන වේගය අනුව නුදුරු කාලයේ නව රැකියා අවස්ථා හා අන්තර්මැදි ක්‍ෂේත්‍ර විවෘත විය හැක. දිනෙන් දින විවිධාංගීකරණය වී සංකීර්ණ වන ICT Multimedia, animation, Software Development, Web, BPO, System Integration, Networking, Mobile & Telecom ඉංජිනේරු, වෙද්‍ය, නිශ්පාදන, රාජ්‍ය හා ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ රැකියා සුලභ කරයි. ICT ස්වයං රැකියාවක් ලෙසද කිරීමට අවශ්‍ය වන්නේ දැනුම හා හැකියාව පමණකි. පාසැල් යන කාලයේදීම ICT තුලින් ආදයම් උපදවිය හැකි අතර, ලොව ඉහලම ICT සමාගම් වන මයික්‍රෝසොෆ්ට්, ඇපල්, ෆේස්බුක් බිහිවුයේ ගරාජ තුල යෞවනයන් අතිනි.

ICT ප්‍රායෝගික හා විද්‍යාත්මක විශයකි. එය ගැඹුරින් අධ්‍යයනය කල යුතු මූලික සංකල්ප සමූහයකි. එමනිසා ආරම්භයේදීම පරිගණක විද්‍යාඥයකු ලෙස සිතීමට පුරුදුවීම වැදගත්ය. යමක් ප්‍රශ්න කිරීම, විශ්ලේශණය, සංවාදය සහ අදහස් ප්‍රකාශ කිරීම ඇතුලත් Inquiry Based Learning ක්‍රමයට ICT ඉගනීම වැදගත්ය. බොහෝ අය භාවිතා කරන මතකයේ තබාගැනීම ICT ඉගනීමට සුදුසු නොවන්නේ එය ඉතා වේගයෙන් වෙනස් වීම හා දැනුම් සම්භාරය සංකීර්ණ නිසාය. එමනිසා සංකල්ප මත සිතීමෙන් අවශ්‍ය විසඳුම සොයාගැනීමටත්, තොරතුරැ පද්ධති හා අන්තර්ජාල මූලාශ්‍ර භාවිතයටත් ඔබ හුරුවිය යුතුයි.

කලා විශයන් සමග ICT ඉගනීමෙන් සිසුනට විද්‍යා ධාරාව හා සමානව ඉදිරියට යාමට මාර්ගයකි. උසස් පෙලින් පසු මාධ්‍ය, තාක්‍ෂණ, නිර්මාණ ආදී උපාධියක් ලබාගැනීමටත් වඩා හොඳ රැකියාවක් ලබාගැනීමටත් වාසිදායකම උසස්පෙළ විෂය ICT බව මගේ අදහසයි.

නිරංජන් මීගම්මන
ශිල්ප සයුර


Read Part II