Saturday, February 6, 2021

Java Programming සංකල්ප


Java, Spring Boot, Android Studio, Flutter ! මේ හතරම එකද? ඒ ගැනයි මේ ලිපිය . කෙටියෙන් කියනවානම් Java කියන්නේ Object Oriented Programming Language එකක්. අනිත් 3 ම විශේෂ අවශ්‍යතා සඳහා Java Javaුනa මත ගොඩ නැගුනු framework සහ development tools. හුඟක් අය අමාරුවේ වැටෙන තැනක් තමයි framework එකෙන් වැඩ පටන් ගන්න එක. සමාන ලක්ෂණ පෙනුනට Java Python වගේ නෙමෙයි. C වගේත් නෙමෙයි. Java language එක හුඟක් වෙනස්. Java වල අභියෝගය තියෙන්නේ OOP Approach එක හරියට අවබෝධ කරගන්න එක. Python වල print("Hello World") කියලා ලියන එක Java වලින් මෙහෙම ලියන්නේ ඇයි ? public class Main { public static void main(String[] args) { System.out.println("Hello World"); } } ඒක හරියට ඔලුව වටේ අත දාලා නහය අල්ලනවා වගේ කියලා හිතෙනවා නේද? public, class, Main, static, void, main, String, args Statem.out , {} වචන වලින් වෙන්නේ මොකක්ද? ඒවා නැතුව println("Hello World"); විතරක් ලියන්න බැරි ඇයි? ඒ මදිවට compile කරලා ආයේ වෙනම run කරන්න ඕනේ ඇයි ? කෙටිම පිළිතුර Object Oriented Programming එහෙම තමා කියන එක. ඒත් ඒක පැහැදිලි පිලිතුරක් නං නෙමේ. OOP සංකල්ප අවබෝධ කරගන්න අපට තවත් ගැඹුරට Java හදාරන්න වෙනවා. මුලින්ම අපි ඉගෙන ගන්නේ object එකක් කියන මුලික සංකල්පය. සරලව කීවොත් object දත්ත සහ හැසුරුම් කේත එය තුලම ඇතුළත් කර තිබෙනවා. ඒ නිසා එයට බාහිර කේත හා දත්ත නොමැතිව ස්වයංව ක්‍රියා කරන්නට පුළුවන්. ඒකට කියන්නේ Encapsulation කියලා. Object එකක් නිර්මාණය කරන්නේ base class එකකින්. එකම base class එකකින් Object ගණනක් හදන්න පුළුවන්. ඒ object එකිනෙකට සමාන වගේම වෙනස් වෙන්නත් පුළුවන්. ඒ Object අතර සන්නිවේදනය කරන්නත් පුළුවන්. මේ program එක Car කියන base class එක භාවිතා කරලා Car objects දෙකක් නිර්මාණය කරනවා. ඒවා කාර් වර්ග දෙකක්. public final class Car { private final String name; public Car(String brand) { this.name= brand; } public static void main(String[] args) { Car car1 = new Car("Toyota"); Car car2 = new Car("Suzuki"); System.out.println(car1.name); System.out.println(car2.name); } } අපි මෙතනදී බාවිතා කලේ Car base class එකේ Constructor method එක. හැබැයි කාර් මෙහෙයවන්න අපට තවත් functions ඕනේ වෙනවා. start, run, break, honk, stop වගේ methods අපට base class එකටම දාන්න පුළුවන්. එතකොට car1 සහ car2 කියලා අපි නිර්මාණය කරන object දෙකටම ඒ methods automatically ලැබෙනවා. එවිට ඒ කාර් අපට මෙහෙයවන්න පුළුවන්. කාර් object එක තුළම ඒවා හසුරුවන දත්ත සහ ක්‍රමවේද ඇතුලත්. ඒවා ස්වයංපෝෂිතයි. ඒ සංකල්පයට කියන්නේ Inheritance. Java programming කරන්න මේ වගේ OOP සංකල්ප වලින්. Java වල structural programming වලට අමතරව Abstraction, Inheritance, Polymorphism, Encapsulation, Constructor වගේ ප්‍රධාන OOP සංකල්ප සමග overloading, overriding , Static and dynamic binding, Access specifiers techniques ප්‍රායෝගිකව භාවිතා කරන හැටි ඉගෙන ගත්තාම Android, Spring Boot , Flutter කරදරයක් නැතිව කරගන්නත් පුළුවන්. නැත්නං මග හිරවෙනවා. ඒ නිසා ඔබ පළමුව කළ කළ යුත්තේ හරියට Java OOP Programming ඉගෙන ගන්න එකයි. ඒ වෙනුවෙන්ම වූ විශේෂ පාඨමාලාවක් ශිල්ප සයුර nextgen ඔබට හඳුන්වා දෙනවා. ලියාපදිංචිය මෙතනින්. https://forms.gle/AjFzTQ7EU1RcJNeK9 වැඩි විස්තර සඳහා 0777573857 අංකයට පණිවිඩයක් එවන්න නැතිනම් අමතන්න. #shilpasayura #nextgen