Tuesday, September 20, 2011

21 ශතවර්ෂය සඳහා ICT ඉගනීම - 2

Read Part I
ICT ඉගනීම විනෝදමත්ය. සාම්ප්‍රදායික ලෙස පාඩම් මතකයේ රඳවා ගැනිමට වඩා ප්‍රායෝගුක අත්හදා බැලීමෙන්, විශ්ලේෂණයෙන්, තර්කණයෙන් අවබෝධ කරගැනීමද හා නව නිර්මාණයන්ද ඉගනීම පහසුකරයි.

උසස් පෙළ ICT විශය නිර්දේශය කියවා බලන්න. ඔබ විසින් ලබාගත යුතු නිපුණතා මට්ටම් 75% පසුවෙන් අත්කර ගැනීමෙන් ඔබට A සමාර්ථයක් ලබාගත හැක. එයට ඔබ Python ක්‍රමලේඛනය, DBMS, Network සිද්ධාන්ත අනිවාර්යයෙන්ම දැනගත යුතුය. Logic Gates, Number Systems ආදිය සා.පෙ. මට්ටමට වඩා තරමක් වැඩිය. රැකියාවකට අවශ්‍යවන Office, Graphics Designing දැනුම අතරට, digital photography, video editing, animation, web designing මෙන්ම  Windows හා Linux නඩත්තුව ඔබ දක්‍ෂයකු කරයි.

ඕනෑම විශය ධාරාවක ඉගන ගත්තද ICT දැනුම ICT අනාගතයේ සාර්ථකත්වයේ පදනමයි. ඔබ තීව්ර ලෙස ICT ඉගන ගන්නේ නම් එක් වසරකදී විශය නිර්දේශය නිමා කර උපාධියකට පවා ලියාපදිංචි විය හැක. මෘදුකාංග ඉංජිනේරුවකු  වීමට නම් උසස් පෙළදී  ඔබ Python හොඳින් උගත යුතුය. Google, Android තුල භාවිතා වන Python කුඩා ළමයෙකුට හෝ භාවිතා කළ හැකිය. එය සරළය. එමෙන්ම සංකීර්ණ මුදුකාංග වලද භාවිතා කළ හැක. Data Communication, Networks , Harware ඉගෙනගන ඔබට පරිගණක හෝ සන්නිවේදන ඉංජිනේරුවකු විය හැකිය.

වේගයෙන් දියුණුවන  Mobile Telecom ක්‍ෂේත්‍රය අලුත් අවස්ථා රැසක් බිහිකර ඇත. 
උසස් පෙළ ICT තෝරාගැනීම ඔබ ජීවිතයේ ගත් ඉතාම හොඳ තීරණයක් වීමට නම් ICT ඉගනීමට කාලය යෙදවීම හා ප්‍රයෝගික ක්‍රියාකාරකම් වල යෙදීම අවශ්‍යය.

අවසාන මොහොතේ විභාගයට සමත් වීමට පාඩම් කිරීමට වඩා මුල අවස්ථාවේ සිටම ක්‍රමාණුකුලව පියවරෙන් පියවර, නැවත නැවත පරිශීලනයෙන්ද, ප්‍රායෝගික අත්හදා බැලීමෙන්ද, තොරතුරැ විමර්ශණයෙන් හා විශලේශණයෙන්ද ICT දැනුම හා නිපුණතාවන් ලබාගත යුතුය.

මුල් කාලයේදී ඔබට අවශ්‍ය දැනුම හා මාර්ගෝපදේශනය ලබාදීමට හොඳ ගුරුවරයකුට හැකි මුත් ඉහල මට්ටමේදී අන්තර්ජාලය ඔබගේ හොඳම ගුරුවරයා වේ. එමෙන්ම හොඳ තාක්‍ෂණවේදියකුගේ සහය ඔබට මහත් ප්‍රයෝජනවත් වන්නේ ICT industry දැනුම ලබාගත හැකි නිසාය.

ICT ඉගනීමේදී තම ගුරුවරයා සමග සංවාදශීලී පරිසරයක් ගොඩනගා ගැනීමෙන්, විශය නිර්දේශයට පරිභාහිර නවීන දැනුම ලබාගැනීමෙන් අනාගතයේ හොඳම තොරතුරු තාක්‍ෂණවේදියකු වීමට මගය. තොරතුරු තාක්‍ෂණයේ  සාමාජීය, ආර්ථික හා පාරිසරික යෙදුම්ද පිළිබඳව මනා අවබෝධයක් ලබාගැනීමෙන් අසීමිත ICT ක්‍ෂේත්‍රයේ විශේෂිත වූ දිශාවන්ට යොමු වීමට ඔබට හැකිවේ.

e Learning සහ ස්වයං අධ්‍යයනයට  ICT ඉගනීමේදී ප්‍රමඛ ස්ථානයක් ලබාදෙන්න. එකම සිසුන් සමූහයක අතර විවිධ ICT හැකියාවන් දියුණු කරවීමත්, සමුච්චිත නිපුණතාවයන් වැඩිකර ගැනීමට හැකිය, ඒ මන්ද යත් 21 වන ශත වර්ශයේ ICT සාමුහික ක්‍රියාවක් නිසාය.


නිරංජන් මීගම්මන
ශිල්ප සයුර
http://www.shilpasayura.org/

No comments:

Post a Comment