Sunday, July 10, 2016

ශිල්ප සයුර A/L ICT e Learning ව්‍යාපෘතිය සාර්ථකයි!

A/L ICT e Learning ව්‍යාපෘතියට අදහස වැටුනේ 2012 ජනවාරියේ. Chemistry කර කර හිටපු අපේ දුව හදිසියේම ICT කරන්න තීරණය කරලා මට ICT  උගන්වන්න කිව්වා. මාස 7 ක් විභාගයට තියෙද්දි අවුරුදු 2ක විශය නිර්දේශයක් උගන්වන්න මම තෝරාගත්තේ e Learning. තාක්‍ෂණය දැන ගත්තට උසස් පෙළ ගුරුවරයෙක් ලෙස වැඩකර පුරුද්දක් නොතිබූණ නිසා හැම පාඩමක්ම සරළව හදලා online share කළා. 



නරක නැහැ. එයා B එකක් ගත්තා.  ටියුෂන් කරන අදහසක් මට නොතිබුණත් අපේ දුවට වගේ ප්‍රශ්න තිබුණ අය ගණනකටම ඒ පාඩම් උදව් වුනා. 2015 AppSMART ව්‍යාපෘතියේදී උසස් පෙළ ICT e Learning සඳහා app එකක් හදන්න යෝජනා කලෙත් අපේ දුවමයි. 2015 ඉඳලා වසරකට වඩා වැඩ කරලා සම්පූර්ණ විශය නිර්දේශය ආවරණය වෙන විදියට A/L ICT e Learning app එක හැදුවා. අන්තිම හරියට එනකොට එපාත් උනා, මොකද උසස් පෙළ ICT විෂය නිර්දේශයේ වපසරිය හරිම වැඩියි. වසර 2කදී ප්‍රායෝගික දැනුමත් එක්කඑය උගන්වන්න ගුරුවරු විශාල මහන්සියක් වෙන්න ඕනේ.

සරළ ඉංග්‍රීසියෙන් සාදන ලද මේ ඉසවි අධ්‍යන පද්ධතිය සිංහල බසින් නිමවීම පිළබඳව සිතුවත් බොහෝ පාසල් සිසුන් ඉංග්‍රීසි භාෂාවෙන් ICT ඉගන ගත්තේ නැතිනම් ඔවුන්ට උසස් පෙළින් පසුව ICT කරන්න අපහසු වෙනවා. සියලූම උපාධි ඉංග්‍රීසියෙන් තියෙන්නේ. මංහසුරුවක් හෝ උපලැකියානක් ගැන සම්මුඛ පරීක්‍ෂණ වලදී අහන්නේ නෑ.  ඒ එක්කම සිංහල ICT පාරිභාෂුක වචන මාලාව පිළිබඳ නියම එකඟතාවයක් නොමැති වීමත් තාක්‍ෂණික ප්‍රශ්නයක්. දැනට මෙය භාවිතා කරන සිසුන්ට සරළ ඉංග්‍රීසි ගැටළුවක් උනේ නෑ.  ඔවුන් A/L ICT ඉගනුම් උපකරණයක්  මෙය භාවිතා කරනවා.


මෙය නිර්මාණය කිරීමේදී වැඩියෙන්ම සිත යොමුකලේ Smart Phone එකෙන් ඉගනීම කරන්නට පහසුකම් සපයන්න. සියලුම පාඩම් mobile එකෙන් බලන්න පුළුවන්. Mobile Learning තුලින් සිසුන්ට ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක A/L ICT ඉගන ගන්න පුළුවන්.

සිසුන්ට  පියවරෙන් පියවර තමන්ගේ කාලය අනුව සම්පුර්ණ විශය  නිර්දේෂයම ඉගනීම කරන්නට පුළුවන් විදියටයි මෙය නිර්මාණය කළේ. රණබිම යසස්, කිංස්වුඩ් චිරාත් හා හර්ෂණ, ආනන්දේ රවිඳු, නාලන්දේ කවිඳු  A/L ICT e Learning කරලා පද්ධතිය Test කලාට පස්සේ තමා හැමෝටම එය ලබාදෙන්න තීරණය කළේ. මේ සඳහා භාවිතා කරන server එකත්, එය නඩත්තු කිරීමට යන වියදමත් ,  අනිකුත් මානව සහ භෞතික සම්පත් විදයමුත් සළකා වසරකට රැ. 6600/= කට එය ලබාදෙන්න තීරණය කළා. ඉතින් ශිල්ප සයුර වගේ තවත් වැඩක් සාර්ථක ලෙස අවසාන කළා. සතුටුයි!

1 comment:

  1. ලංකාව තුල සිටින සිසු දරැ දැරියන් වෙනුවෙන් සිදු කල ‍‍‍මහගු ‍‍සේවයට සියලු දෙනාටම ස්තූතියි. තවත් ඉදිරියට සියලුම බලාපෙරොත්තු වලට සුභ පැතුම්.

    ReplyDelete