IoT (Internet of Thing) තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ (ICT) අනාගතයට සෘජුවම බලපායි. එය 21 වන සියවසේ ඉතා වැදගත් තාක්ෂණයක් බවට පත්ව ඇත.
ioT තාක්ෂණය අවම මිනිස් මැදිහත්වීමකින් රැහැන් රහිත ජාල වලින් සම්බන්ධ කරන උපාංග (devices) විවිධ කාර්යන් සදහා භාවිත කරයි.
උදාහරණ:
Smart Home Applications, Baby Monitoring Applications, Smart Car System, Google Home Voice Controller
1832, පළමු විද්‍යුත් චුම්භක ටෙලිග්‍රාෆ් (first electromagnetic telegraph) නිර්මාණය විද්‍යුත් සංඥා සන්නිවේදනය කරන ලදි.
අන්තර්ජාලය බිහිවීමෙන් පසු කෙවින් ඇෂ්ටන් විසින් ‘Internet of Things’ යන යෙදුම නිර්මාණය කරන ලද IoT ආරම්භ වූයේ 1999 දී පමණය.
1980 දශකයේ මුල් භාගයේදී Carnegie Melon විශ්වවිද්‍යාලයේ සිසුන් සෙන්සරයක් භාවිතා කර Coca-Cola Vending යන්ත්‍රයක උෂ්නත්වය. අන්තර්ජාලය හරහා මනින ලදි. 1990 දී ජෝන් රොම්කි ටෝස්ටරයක් (Toaster machine) අන්තර්ජාලයට සම්බන්ධ කර ක්‍රියා කරවූයේය.
පසුව, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් වෙබ් කැමරාවකින් ලබාගන්නා ජායාරූප ආධාරයෙන් කෝපි පෝච්චියක කෝපි ප්‍රමාණය අන්තර්ජාලයෙන් නිරීක්ෂණය කලහ.
LG Electronics විසින් 2000 දී අන්තර්ජාලයට සම්බන්ධ ශීතකරණයක් හඳුන්වා දෙන ලදි. ශීතකරණයේ භාණ්ඩ අඩු වන විට , එය පරිභෝගිකයාව දැනුවත් කරන අතර , වීඩියෝ ඇමතුම් මගින් පාරිභෝගිකයින්ට අන්තර්ජාලය හරහා තම ආහාර මිලදී ගැනීමට ද අවස්ථාව සලසන ලදි
මේ වන විට ලෝකයේ IoT උපාංග බිලියන 27කට වඩා වැඩි ප්‍රමාණයක් ඇති අතර ,
2030 වන විට ඒවා බිලියන 100 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරයි.
IoT Applications and Devices, සෞඛ්‍ය, ප්‍රවාහන, වාණිජ, ගොවිතැන්, සංචාරක, අධ්‍යාපන, ආහාර නිෂ්පාදන, කෘෂිකර්මය සහ ඉංජිනේරු වැනි සියලුම අංශවල භාවිතා වේ.
IoT පර්යේෂණ සොයාගැනීම් වලට අනුව, බොහෝ කර්මාන්ත නව මගකට නැඹුරු වී ඇත. ඔවුන් තම ව්‍යාපාර සඳහා IoT යෙදුම් වැඩි වැඩියෙන් යොදා ගනිමින් කාර්යක්ෂමතාවය හා ආදායම වැඩි කර ගැනීම ක් වියදම් අඩු කරගැනීමටත් කටයුතු කරති.
දැනුම් ආර්ථිකයක සිටින අපට ජාත්‍යන්තර IoT ක්‍ෂේත්‍රයේ රැකියා සහ සේවා අවස්ථා රැසක් ගලා එනු ඇත. IoT පර්යේෂණ සහ සංවර්ධනය, සේවා, නඩත්තුව, ආරක්‍ෂණය සහ IoT ව්‍යාපාර ඉන් සමහරක්. IoT විද්‍යාව, ගණිතය , තාක්‍ෂණය හා ඉංජිනේරු එකමුතුවක්. එහි මූලික වන්නේ භෞතික පරිගණනයයි. එනම් Physical Computing.
IoT තාක්ෂණයේ මුලික සංරචක ගණනාවකි.
1. Sensors - අප අවට පරිසරයෙන් විවිධ ආදාන ලබාගන්නා සංවේදක.
2 Algorithm - එම සංවේදක වලින් ලබාගන්නා දත්ත අනුව තීරණ ගන්නා අැලොගරිතම. මේවා Software හෝ Hardware විය හැක.
3. Control - අැලොගරිතම ගන්නා තීරණ අනුව පද්ධතියේ පාලනය සඳහා ක්‍රියාත්මක වල චාලක. (Actuators)
4. Internet - අන්තර්ජාලය සම්බන්ධ වී අනිකුත් ජාලාංග මගින් දත්ත විකාශණය හා ලබාගැනීමේ හැකියාව.
5. Power - IoT ක්‍රියාවලිය සඳහා විද්යුත් බලයක් අවශ්‍ය වේ. 3.3v - 5v දක්වා වෝල්ටීයතාවයකින් ඒවා වැඩ කරයි.
6. Security - IoT ආරක්‍ෂණය ඉතා වැදගත් අංශයක් වන්නේ එම පද්ධති අන්තර්ජාලයට සම්බන්ධවන නිසාය.
7. 5. Embeded Device - සංවේදක, චාලක, මුදුකාංග හා සන්නිවේදනය ලබාදෙන දෘඩාංගය. එය Arduino, microbit, Raspberry Pi වැනි පුවරුවකි. IoT පරිගණනයට අවශ්‍ය සියළු උපාංග එම පුවරුවට ඔබ්බා ඇත.
උදාහරණයක් ලෙස IoT ශීතකරණයක barcode ස්කෑනරය මගින් එයට දමන සහ ගන්න ආහාර දත්ත මත කල් ඉකුත් වන දිනය,වට්ටෝරු, මිලදී ගැනුම් ලැයිස්තු හා නැවත ඇණවුම් කල හැකිවේ. මෙහිදී අාහාර ඇසුරුම් දත්ත, ස්කෑනරයෙන් සංවේදනය කර, නීති මත පදනම් වූ ඇලොගරිතමයකින් අදාල තීරණ ගනී. එය අන්තර්ජාලයේ කෑම වට්ටෝරු සොයා අමතරව අවශ්‍ය දේ ඔබට යෝජනා කරනු ඇත. ඔබගේ පවුලේ ආහාර පුරැදු අධ්‍යනය කර (machine learning) අනුව ආහාර සුරක්‍ෂිත භාවය වැඩිකරනු ඇත. නව්‍යකරණය තවත් දුරට යාහැක.
සන්නිවේදනය සඳහා සෑම IoT උපාංගටක්ම ඒකීය ලිපිනයක් භාවිතා කළ යුතුය. unique address. එය සොයාගන්නා අයෙකුට එය Hack කල හැක. බිලියන ගණනාවක් ජාලාංග අන්තර්ජාලයට සම්බන්ධවීම මත ගැන සිතන්න.
IoT ආරක්‍ෂණය හා පුද්ගලිකත්වය ඉතා වැදගත් බව දැන් ඔබට වැටහේද?
ඔබගේ නිවසේ රූපවාහිනියේ පාලනය අන්තර්ජාලයට සම්බන්ධ යයි සිතන්න. රූපවාහිනිය කියාත්මක වන්නේ ඔබ නිවසේ සිටන විටදී පමණය. ඔබ නිවසේ සිටින බව හෝ කිසිවෙකු නැති බව හොරෙකුට දැනගැනීමට අවශ්‍ය වේ. ඔහුට ඔබගේ නිවෙස් ජාලය විද්යුත්ව සිදුරු කර එම දත්තය ලබාගත හැක. එය ඔබ කලින් දැනසිටින්නේ නම් Polling, Proxy ආදී උපක්‍රම මගින් එය වලකා ගත හැක. නමුත් අන්තර්ජාලයට සම්බන්ධ කිසිවක් 100% ආරක්‍ෂිත නොවන බව අප දනිමු.
ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබ විසින් දිකපතා IoT තාක්ෂණය භාවිතා කරයි. එය අනාගතයේ මුලු ලොවම සම්බන්ධ කර විශාල අවස්ථා හා රැකියා රාශියක් බිහිකරනු ඇත. දේශීය පාසැල් ICT විශය නිර්දේශයට දැනටමත් IoT ඇතුලත් කර ඇත..
IoT වල විශේෂත්වය හෞතික ලෝකයේ ගුණාංග එනම් උෂ්ණත්වය, පීඩනය, තෙතමනය, වර්ෂාව, සූළඟ, ආලෝක තත්වය ආදිය මැකීමටත් ඒ තත්වයන් අනුව විවිධ උපකරණ පාලනය කිරීමටත් , එම උපාංග අන්තර්ජාලයෙන් පාලනය කිරීමටද ඇති හැකියාවයි.
බොහෝ ළමුන් scratch, microbit, Arduino, raspberry pi වැනි උපකරණ භාවිතා කර නව නිර්මාණ කරති. එවැනි දේ පිළිබඳ ඉගෙනීම අද දවසේ ඉතා වැදගත්ය. විශේෂයෙන් විද්‍යාව, ගණිතය හා තාක්ෂණය ඉගැන්වීමට IoT තාක්ෂණය යොදා ගත හැකිය.
එක් සිසුවෙක් කැමරාවකින් ලබා ගන්නා මුණේ ජායාරෑපයෙන් ඇරෙන දොරක් නිර්මාණය කලේ IoT සහ AI තාක්ෂණය මුසු කරමිනි
ඒවගේම ඔහු ගිනි ගැනීමකදී ගින්දර සොයාගෙන ගොස් ගිනි නිවන රොබෝ කෙනෙකූ නිර්මාණය කලේය.. එම නිර්මාණ ජාතික මට්ටමේ ජයග්‍රහණ ඔහුට ලබාදිනි.
IoT , Robotic හා AI තාක්ෂණය එකට යාවෙන තාක්ෂණයන් වන අතර ලෝකයේ ඒවා මුසු කරමිනි නව නිර්මාණ බිහි කිරිමේ ප්‍රවණතාවයක් පවතී.
ඒ සඳහා ඔබේ ළමුන්ද යොමු කිරීමට දැන් කාලයයි. ඒ මගින් අනාගත ජයග්‍රහණ ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙනු ඇත.
නිරංජන් මීගම්මන
Shilpa Sayura Foubdation